මේ දිනවල ලංකාවේ සිදුවන ජරමරය, හුදකලා සිදුවීමක් නොව, පැහැදිලිව පර සුද්දන්ගේ මගඩියේම කොටසක් බව අපි පසුගියදා ලීවෙමු.

ඉන්දීය සයුරේ තිත පණ ගසා නැගිටීම වලක්වා, ලෝක සිතියමේ හුදකලා කිරීමට උන් කළ හැකි සියල්ල කරමින් සිටිති. අද තවත් පියවක් ඉදිරියට තබමින්, යුරෝපීයෝ ලංකාවේ අපනයනයන්ට ලබාදී තිබූ වෙළඳ සහන අත් හිටවීමට තීරණය කර ඇත. මින් අප රටට වාර්ෂිකව ඇ.ඩොලර් මිලියන එකසිය පනහක පමණ පාඩු වන අතර, අපනයන සඳහා භාන්ඩ නිපදවන කර්මාන්ත අපහසු තාවයට පත්වනු ඇත.

ඉදිරියට මෙවැනි හුටපට වඩ වඩා වැඩිවනු ඇති නිසා, දශක තුනක් යුදපිටියේ වැය කල ජවය, වහ වහා දේශීය ආර්ථිකය දෙසට හරවා, රට වෙනුවෙන් කලයුතු සියල්ල කරමු!

සරත් ෆොන්සේකා මහතා මොනවදෝ කරමින් සිටී. ඔහු කරන්නේ කුමක්දැයි ඔහු දන්නාවායැයි සිතිය නොහැක. කෙසේ හෝ වේවා, සුද්දන්ගේ ජඩ මගඩියක් අපේ මාතෲභූමිය මත නැවතත් සිදුවෙමින් පවතී.

කෙටියෙන්ම කියතොත් සරත් ෆොන්සේකා මහතා මේ ඉරිදා සන්ඩේ ලීඩර් පුවත් පතට කළායයි කියන ප්‍රකාශය හුදකලා සිදුවීමක් නොවේ. (එය ඒ පත්තරයේ වරදවා වටහා ගැනීමක් බව දැන් ඒ මහතා කියයි) සරත් ෆොන්සේකා හෝ වේවා, සන්ඩේ ලීඩර් පත්තරය හෝ වේවා, ඒ තැබුයේ පලමු වෙඩි මුරය පමණි.

අද දෙවන වෙඩිමුරය බ්‍රිතාන්ය්යේ ටිමෙස් පුවත් පත තබා තිබේ. ශ්‍රී ලාංකීය හමුදා භටයෝ සිර කරුවන් මරා දමන්නේ යැයි පෙන්වන ව්‍යාජ වීඩියෝ දර්ශනයක් ඔවුන් නිර්මානය කර, යලි මඩ ව්‍යාපාරයක් පටන් ගෙන ඇත.

අපට තේරෙන තරමින් නම්, සරත් ෆොන්සේකා මහතා දැන දැනම මෙසේ තමන්ගේම වල කපා ගැනිතැයි සිතිය නොහැක. අනිත් අතින් සන්ඩේ ලීඩර්ලාගේ පැටිකිරිය රටට රහසක් නොවේ.

කොහොමින් හෝ සුද්දන්ට ඕනෑ බොහෝ දේ දැනටත් සිදුවී හමාරය.
1) අසම වූ යුද ජයග්‍රහනයේ සෙන්පතියාට තම පිරිසගෙන්ම මඩ ගසා ඒ ජයග්‍රහනයේ ප්‍රභාව සෝදාහැරීම.
2) ලාංකිකයන් වැඩිම පිරිසක් ස්ථාවරව එක්ව සිටි සංවිධානය වන එ.ජා.ප.ය දියකර හැරීම.
3) ශ්‍රී ලංකාවේ අභිමානනීය ජන නායකයා, අන්තර්ජාතික යුද නීති ඉදිරියේ වැරදි කරුවකු කිරීමට අවශ්ය පසුබිම සකස් කිරීම.

අප ඇස් ඇරන් සිටිය යුතු කාලය යලිත් එලඹ තිබේ. පර බල්ලෝ යලි බුරන්නට පටන්ගෙන ඇත.

රජයේ මාධ්‍ය සහ බොහෝ ඇමති වරුන්ද සුද්දාගේ ඇම් කා ඇති බව පෙනේ. මේ වේලාවේ වැරදි හෝ වේවා, නිවැරදි හෝ වේවා සරත් ෆොන්සේකාට ගල් නොගැසිය යුතුය. මන්දයත් ඔහු අපේම කකුලක් නිසාය. අපට ඉතිහාසය “undo” කළ නොහැක. ඔහුට ගසන ගල් වැදෙන්නේ අපටමය.

කළ යුත්තේ අපහාස ඉවත දමා, ජාතියේ නාමයෙන් මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට කළ හැකි සියල්ල කිරීමය. ඔහු සුද්දාව පඩයකට ගනන් නොගෙන සිය කාරිය මනාව ඉටු කල හැටි අපි මෙතෙක් හොඳින් දැක්කෙමු. ඉතිරියද කල හැක්කේ එවැන්නෙකුටම පැමණි.
සරත් ෆොන්සේකා මහතා ගේ ඉරණම දෛවය විසින් විසඳනු ඇත. වෛරයේ බීය වලින් සොඳුරු ඵල කෙසේනම් ලබන්නද?