සරත් අහිංසකද? සුදු බල්ලෝ යලි බුරති.

December 15, 2009

සරත් ෆොන්සේකා මහතා මොනවදෝ කරමින් සිටී. ඔහු කරන්නේ කුමක්දැයි ඔහු දන්නාවායැයි සිතිය නොහැක. කෙසේ හෝ වේවා, සුද්දන්ගේ ජඩ මගඩියක් අපේ මාතෲභූමිය මත නැවතත් සිදුවෙමින් පවතී.

කෙටියෙන්ම කියතොත් සරත් ෆොන්සේකා මහතා මේ ඉරිදා සන්ඩේ ලීඩර් පුවත් පතට කළායයි කියන ප්‍රකාශය හුදකලා සිදුවීමක් නොවේ. (එය ඒ පත්තරයේ වරදවා වටහා ගැනීමක් බව දැන් ඒ මහතා කියයි) සරත් ෆොන්සේකා හෝ වේවා, සන්ඩේ ලීඩර් පත්තරය හෝ වේවා, ඒ තැබුයේ පලමු වෙඩි මුරය පමණි.

අද දෙවන වෙඩිමුරය බ්‍රිතාන්ය්යේ ටිමෙස් පුවත් පත තබා තිබේ. ශ්‍රී ලාංකීය හමුදා භටයෝ සිර කරුවන් මරා දමන්නේ යැයි පෙන්වන ව්‍යාජ වීඩියෝ දර්ශනයක් ඔවුන් නිර්මානය කර, යලි මඩ ව්‍යාපාරයක් පටන් ගෙන ඇත.

අපට තේරෙන තරමින් නම්, සරත් ෆොන්සේකා මහතා දැන දැනම මෙසේ තමන්ගේම වල කපා ගැනිතැයි සිතිය නොහැක. අනිත් අතින් සන්ඩේ ලීඩර්ලාගේ පැටිකිරිය රටට රහසක් නොවේ.

කොහොමින් හෝ සුද්දන්ට ඕනෑ බොහෝ දේ දැනටත් සිදුවී හමාරය.
1) අසම වූ යුද ජයග්‍රහනයේ සෙන්පතියාට තම පිරිසගෙන්ම මඩ ගසා ඒ ජයග්‍රහනයේ ප්‍රභාව සෝදාහැරීම.
2) ලාංකිකයන් වැඩිම පිරිසක් ස්ථාවරව එක්ව සිටි සංවිධානය වන එ.ජා.ප.ය දියකර හැරීම.
3) ශ්‍රී ලංකාවේ අභිමානනීය ජන නායකයා, අන්තර්ජාතික යුද නීති ඉදිරියේ වැරදි කරුවකු කිරීමට අවශ්ය පසුබිම සකස් කිරීම.

අප ඇස් ඇරන් සිටිය යුතු කාලය යලිත් එලඹ තිබේ. පර බල්ලෝ යලි බුරන්නට පටන්ගෙන ඇත.

රජයේ මාධ්‍ය සහ බොහෝ ඇමති වරුන්ද සුද්දාගේ ඇම් කා ඇති බව පෙනේ. මේ වේලාවේ වැරදි හෝ වේවා, නිවැරදි හෝ වේවා සරත් ෆොන්සේකාට ගල් නොගැසිය යුතුය. මන්දයත් ඔහු අපේම කකුලක් නිසාය. අපට ඉතිහාසය “undo” කළ නොහැක. ඔහුට ගසන ගල් වැදෙන්නේ අපටමය.

කළ යුත්තේ අපහාස ඉවත දමා, ජාතියේ නාමයෙන් මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට කළ හැකි සියල්ල කිරීමය. ඔහු සුද්දාව පඩයකට ගනන් නොගෙන සිය කාරිය මනාව ඉටු කල හැටි අපි මෙතෙක් හොඳින් දැක්කෙමු. ඉතිරියද කල හැක්කේ එවැන්නෙකුටම පැමණි.
සරත් ෆොන්සේකා මහතා ගේ ඉරණම දෛවය විසින් විසඳනු ඇත. වෛරයේ බීය වලින් සොඳුරු ඵල කෙසේනම් ලබන්නද?

8 Responses to “සරත් අහිංසකද? සුදු බල්ලෝ යලි බුරති.”

  1. YouKnow Says:

    You are correct to the last word. Please do write in detail and frequently.So many people are hidden from the mask of the unknown.


  2. සහතික ඇත්ත.

  3. Ram raj Says:

    මචං මේක කියවන කොට‍ උබට වගේ මට මේ ප්‍රශ්ණය දකින්න බැරි උනේ ඇයි කියලා මට හිතුනා. දිගටම ලියපං. නමුත් සිංහල බිලොග් කියවනයේ උබ නෑනේ.

  4. aaloka Says:

    ප්‍රතිචාර වලට් තුති!

    Ram, සිංහල බ්ලොග් කියවනයෙ ඉන්නව. (‘නි’ යන්නෙන් බලන්න.)

  5. dilimi Says:

    ඔබ මින් අදහස් කරන්නේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී , මාධ්‍ය මර්ධක, දූශණයේ රජු මහින්ද රාජපක්‍ෂ රජ කරවීමට ඔබ ජනතා විරෝධී වී ඇති බවද ?

    වර්ථමාන ජනාධිපතිවරයා ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංගනය කර ඒකාධිපති ස්වරයෙන් කටයුතු කිරීම ගැන ඔබ කියන්නේ කුමක්ද?

    රාජ්‍ය මාධ්‍ය හා දේපළ අයුතු ලෙස තම දේශපාලනයට යොදාගැනීම ඔබ දකින්නේ කෙසේද ?

    මහින්ද රාජපක්‍ෂ පවුල රටේ කරන කෝටි ගණන් හොරකම් ගැන ඔබ කුමක් කියයිද ?

    මහින්ද රාජපක්‍ෂ තම ජනාධිපති නිවස රාත්‍රී සමාජ සාලාවක් ලෙස යොදාගන මත්පැන් සාද පැවැත්වීම ගැන ඔබ කියන්නේ කුමක්ද?

    පොලිස් නිලධාරීන් ගෙන්වා ඔවුනට බලපෑම් කර රු 700 සිට ඉහල ගණන් දක්වා දෙන අල්ලස් ගැන ඔබ කියන්නේ කුමක්ද ?

    • aaloka Says:

      ඔබ ගේ පිලිතුර මා මේ සටහනින් ලියූදෙයට බාහිර, මඩ ගොඩක් නිසා එහි අඩිය තැබීමෙන් වැලකී සිටිමි.


  6. එව්වා මඩ. හැබැයි ඉතින් මහින්දය දිනවන්න කියද්දී මුකුත් නෑ.
    අනේ අපොයි !!

    • aaloka Says:

      මහින්ද රාජපක්ෂ මහතා දිනවන්නයැයි කීම දෙනලද අවස්ථාව විශ්ලේශන්යෙන් මා එළඹෙන පුද්ගලික නිගමනයයි. වෙන කවුරු දිනවන්නද? ඔබේ නිගමනය ඔබ සතුයි.

Leave a comment