“පර” කියන්නෙ, “පිටස්තර” කියන එකටනෙ. ඉතිං මේ  පිටස්තරයින්ගෙන් අපිට ඉගනගන්ඩ පුලුවන් ගොඩක් දේවල් තියනව. හැබැයි ඒක ටිකක් අමාරු වැඩක්. මොකද දැන් කාලයක් තිස්සෙ ඉඳන් අපිට පුරුදු කරල තියෙන්නෙ පිටින් එන ඕනෙ දෙයක් එහෙයි කියල පිලිගන්ඩනෙ. එහෙම කරල හරියන්නෙ නැහැ. ඕනෙ, හරි දේ විතරක් පෙරල ගන්ඩ අපි දක්ෂ වෙන්ඩ ඕනෙ. කොහොම නමුත් මේ දවස්වල රට හදන හාහූවකුත් සැරේට ඇහෙන නිසයි මේ සටහන ලියන්න හිතුවෙ.

පින්තූරයක කතාව

මේ පින්තූරෙ බලන්න. (අපැහැදිලි කමට සමාවෙන්න, ජංගම දුරකතනයෙන් ගත්තෙ) මේ පින්තූරෙ ලොකු කතන්දරයක් කියනව.  මේ මොනවගේ තැනක් කියලද හිතන්නෙ?

Tokyo Train

පොත් කියවන 4 දෙනෙක්ගෙ කොටස් පැහැදිලිව පේනවද මන්ද. බැලු බැල්මට පුස්තකාලයක් වගේ පේන්ඩත් බැරි නැහැ. ඒත් මේ රාජකාරි ඉවරවෙලා ආපසු යන මිනිස්සුන්ගෙන් පිරිච්ච කෝච්චි පෙට්ටියක්. ජපානෙ ටෝකියෝවෙ කෝච්චියකදි තමා මේක ගත්තෙ. එහි කෝච්චිවල මේක සාමාන්‍ය දර්ශනයක්. හැමෝම කියවනව.

හැබැයි හුඟක් අය කියවන්නෙත් ඕපදූප, ප්‍රවුත්ති පත්තර වගේ දේවල් නෙමේ. තමන්ට අවශ්‍ය දේවල්. වම් පැත්තෙ හිටගෙන ඉන්න කෙනා කියවමින් හිටියෙ ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙ අලුත් දේ ගැන ලියවුන පොතක්. බැලු බැල්මට ඉලෙක්ට්‍රොනික් සමගමක ඉන්ජිනේරුවෙක් වගේ තමා පෙනුනෙ. (ඔව් ඒ අය යන්නෙත් කෝච්චියෙ තමා) දකුණු පැත්තෙ ඉන්න කෙනා ආර්ථික ප්‍රවනතා වගේ විශයයක්. මේ ඔක්කොම මැද වයසෙ උදවිය. රැකියාව කරන්න පටන් අරන් අවුරැදු 8-10 ගිය අය වෙන්ඩ ඕනෙ. නමුත් තාමත් තමන්ගෙ රැකියාව ගැන, විෂය ගැන ඉගන ගන්නව.

සියල්ල සියබසින්

ජපානායෙ, ඉන්ජිනේරු විද්‍යාවේ සිට, නිවස පිරිසිදු කිරීම දක්වා. ඕනෙම විෂයයක් ගැන, අලුත් දැනුම තමන්ගෙ භාෂාවෙන්ම සරලව ලියවෙනව. ලෝකෙ කොහෙ නමුත් අලුත් දැනුම නිපදවුන සැනින්, පරිවර්තනය කරල පොත් මුද්‍රණය කෙරෙනව.

වෙළඳපල පුන්චි නිසා, අපිට මේක කරන්න ටිකක් අමාරැ වෙන්න බැරි නැහැ. ඒත් එක් එක් කර්මාන්ත ගැන දැනුම පතුරන පොඩි සඟරා ප්‍රකාශ කරන්ඩ අමාරැ නැහැ. සිංහලෙන් අන්තර්ජාලය හරහාත් මේක කරන්ඩ පුලුවන් වෙයි ඉදිරියට. ප්‍රිඝනක තාක්ෂණය ගැන නම්, දැනමත් කීපදෙනෙක් ලියනව, පොඩ්කාස්ට් කරනව මම දැක්ක. ඒව හොඳ වැඩ. අනිත් පැති වලටත් මේක පතුරමු.

සද්ද නැතුව වැඩ

මේ පින්තූරෙ ගනිද්දි, ජංගම දුරකතනයෙ “ක්ලික්” සද්දෙ ඇහුන ගමන්, දහපහලොස් දෙනෙක්ම ගැස්සිලා මා දිහා බැලුව. මොකද, එකක් කෝච්චි පෙට්ටියක් ඇතුලෙ ඡායාරෑප ගන්න එක එච්චර ආචාරශීලී දෙයක් විදියට සැලකෙන්නෙ නැහැ.  ආචාරශීලීත්වය ජපන් සංකෘතියෙ බොහොම ඉහලින් සලකන අංගයක්.

අනික ධාවනය වෙන කෝච්චි පෙට්ටියත් ඒ පුන්චි සද්දෙ හැමෝටම ඇහෙන්න තරම් නිෂ්ශබ්දයි. කාඩ් ගහන්නෙ, සින්දු කියන්නෙ තියා, මේ අය කෝච්චියට, බස් එකට නැග්ගම කතා කරන අවස්ථාත් බොහොම අඩුයි. වටේ ඉන්න අයට බාධා වෙන නිසා. එක්කො පොතක් කියවනව, නැත්තම් තමන්ගෙ පාඩුවෙ නිෂ්ශබ්දව ඉන්නව.

නොගැලපීම් සහ කඩා වැටීම්

හැබැයි පිටස්තරයින්ගෙන් හැම දෙයක්ම එහෙම්මම අපිට ගන්ඩ බෑ. මතකද කාලෙකට ඉස්ස්‍ර ජපන්නුන්ගෙම “S5” කියල  ඵලදායිතා ක්‍රමයක් පතුරන්ඩ උත්සාහ කලා. කෝ හරි ගියායැ. ඒව අපේ ලේ වලට ගැලපෙන්නෙ නෑ. හැබැයි කියවන එක නම් තියනව. කියවන්ඩ හොඳ දේවල් තමා අඩු.

ජපන්නුන්ගෙ කියවීම ගැන කියනකොට මතක්වෙන අනික තමා, කුනුහරප ප්‍රකාශන. කොච්චර විෂය දැනුම තිබ්බත්, ආචාරශීලීත්වය ඉහලින්ම තිබ්බත්, එක පැත්තකින් සංස්කෘතික සභ්‍යත්වයනම් කඩාවැටිල. උදේ පාන්දර කෝච්චියෙ ප්‍රසිද්ධියෙම කුනුහරප චිත්‍රකතා බලන, හැට පැනපු ජපන්නුත් දුලබ දර්ශනයක් නෙමේ!

ඊයෙ (27) ශ්‍රී ලාංකික අපිට තවත් ජයග්‍රාහී දවසක්! ඒ අපේ කට්ටිය, එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කවුඉන්සිලය හරහා ත්‍රරස්තවාදීන් සහ අධිරාජ්‍යවාදීන් ගෙනෙන්නට ගිය කුමන්ත්‍රනය ලත් තැනම ලොප් කරන්ඩ සමත්වීම නිසයි. මෙතනදි, සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල්, බ්‍රිතාන්‍යයන් සහ ඔවුන්ගේ සහචරයන් පරද්දන්න එක් වුන හැටි අපූරුයි!

ඒත් එක්කම ජාතිද්‍රෝහී සිංහලයෙක්ගෙ නැටුමකුත් කට්ටියට එලිපිටම බලාගන්ඩ පුලුවන් වුනා. අන්තර්ජාලය ඔස්සේ එහි සජීවී විකාශය බලා සිටියානම් ඔබත් දකින ඇති. නමින් ඔහු සුනන්ද දේශප්‍රිය. (ඒ ප්‍රකාශය මෙතනත් තියනව)

SUNANDA DESHAPRIYA, of Franciscans International, in a joint statement with Pax Romana and Dominicans for Justice and Peace, said the fighting between the Sri Lankan armed forces and the Liberation Tigers of Tamil Eelam had led to the death of more than 6,400 civilians, and had left 13,000 wounded and more than 230,000 displaced since January 2009. ..

කවුද මේ සහචර ෆ්‍රැන්සිස්කානුවො? මොනවද මේගොල්ලන්ගෙ අදහස්? ලංකාවෙ මොනවද කරන්නෙ? සිංහලයො ඇයි මේ අයට කඩේ යන්නෙ? ඔබත් සොයා බලන්න. හිතා බලන්න. හුඟක් දේ අන්තර්ජාලය හරහාම සොයාගන්ඩ පුලුවන්.

ඒත් එක්ක ඊයෙ වික්‍රමය ජයගත්, දයාන් ජයතිලක, රජීව විජේසිංහ සහ මහින්ද සමරසිංහ මහත්වරු ඇතුලු ඒ පිටිපස සිටි හැමට ස්තූතියි! අප හා සිටි සියලු රටවල රාජ්‍ය තාන්ත්‍රික නායකයන්ට ස්තූතියි!

update :

ජිනීවාහි සිංහ හඬ

බටහිටයන්ට එරෙහිව දයාන් ජයතිලක මහතා කල කතාව.

සුනන්ද දේශප්‍රිය ගේ අදේශප්‍රිය කතාව.

උපුටා ගැනීම Voice of Lanka, YouTube චැනලය.
විවාදයේ සියළු නිල දර්ශන මෙතනින් නරඹන්න.

ගිය පාර ලංකවට ආපු වෙලේ, එක එක දේවල් වලට රටපුරා දුවන අතරෙ මට වෙනදටත් වඩා හොඳට දැනුනු දෙයක් තිබ්බ. ඒතමා අපේ රටේ හුඟ දෙනෙක් (විෂේශයෙන් තරැණ පිරිස) ගත කරන්නෙ පාවෙන ජීවිත කියන එක. මොනවටද ජීවත් වෙන්නෙ කියල දන්නෙ නෑ. මොනවද කරන්ඩ ඕනෙ කියල දන්නෙ නෑ. මෙතනින් කොහෙට ද යන්නෙ කියල දන්නෙ නෑ. ජීවිතේ කිසි සතුටකුත් නෑ. අවාසනාවන්ත හොල්මං වගේ ඔහේ යනව.

ඔය ගැන මම කල්පනා කර කර ඉන්න වෙලේ මම නවතිලා හිටපු තැන හිටපු ඕලන්දක්කාර (Dutch) කාන්තාවක් මාත් එක්ක කතාවට ඇවිත්, මගෙ හිත කියෙව්ව වගේ මගෙන් අහනව, “ඔයා මොනවද ලංකාව ගැන හිතන්නෙ?. මිනිස්සුන්ගෙ කිසි සජීවී බවක් නැහැ නේද?” කියල.

ඇත්ත, හමෝම ජීවිතේ දිහා ගැඹුරින් බලන්නෙ නැහැ තමා. ඒත් වෙනත් හුඟක් රටවල මිනිස්සුන්ට ඉවෙන් වගේ තමන්ගෙ ජීවිත ගලාගෙන යන විදිහ ගැන අවබෝධයක් තියනව. කරන්ඩ ඕන දේදන්නව. තමන්ගෙ ජීවිත් දිහා ගැඹුරෙන් නොබැලුවට නිරායාසයෙන් ම ඒක ගලාගෙන යනව. ටික කාලයක් දියුණුයි කියන රටවල මිනිස්සු අතරෙ ඉන්නකටො මේක හොඳට දැනෙනව. අන්තිම මෝඩය උනත් කොහෙන්දෝ ආපු ඉවකින් වගේ අරමුණක් කරා යනව. අපිට ඒක දනෙන් නැත්තෙ ඇයි?

බැලූ බැල්මටම හිතෙන්නෙ අපිට සල්ලි නෑ. උන්ට සල්ලි තියනව. යුද්ද කරන්ඩත් ඕනෙ. බඩු මිලත් වැඩි වෙලා. අපි එදා වේල හොයගන්ඩ දුක් විඳිනව. උන්ට සැප. අපිට දුක. අපිට ඕව හිතන්ඩ, කරන්ඩ වෙලාව නෑ, කියල. ඒත් ඇත්ත ඒක නෙමේ. අපේ සමජය හොල්මං වෙන්ඩ හෙතුවක් තියනව. පාවි පාවී ඔහේ යන්ඩ හේතුවක් තියනව.

ඒ හේතුව තමා අපේ සමජයෙ පදනම දිරා ගිහින් තිබීම. අපේ පද්ධති බිඳ වැටී තිබීම. ඇත්තෙන්ම ඒක බිඳ වටීමක් නෙමේ. බිඳ දැමීමක්. බිඳ දැමීමක්මත් නෙමේ, බිඳදමමින් පැවතීමක්. මේක අව්‍රැදු 300ක් විතර කාලයක් තිස්සෙ බොහොම හෙමින් වෙන දෙයක් නිසා, කල්පනාවෙන් නොබැලුවොත් එක පාරට පේන්නෙ නෑ.

කාලාන්තරයක් මුලුල්ලේ සමාජයක ගොඩ නැගෙන එක එක පද්ධති නිසා තමා මිනිස්සුන්ට අර ඉව ලබෙන්නෙ. එතකොට තමා යන ගමනෙ සිතියම මිනිස්සුන්ගෙ ලේවල තැම්පත් වෙන්නෙ. හුඟක් උල්පත්වලින් දිගටම නොකඩවා වතුර ගලනකොට, ඒ වතුර මුහුදට ගලන පාර හෙමින් හෙමින් සකස් වෙලා, ගඟේ පාර ලකුනු වෙනව වගේ වැඩක් තමා ඒක. අපේ ඒ ගඟ හෙමින් හෙමින් හිඳිල ගිහින්. තැනින් තැනින් මතුවෙන හුදකලා උල්පත් වලට ගලන්ඩ පාරක් නැහැ. මඩ වලවල් විතරයි හැදෙන්නෙ.

ඉතින් අපි මොකද කරන්ඩ ඕනෙ? මේක පිටින් ගෙනාපු දේවල් වලින් පුරැද්දන්ඩ (repair කරන්ඩ) බැහැ. අලුතෙන් ම හදන්ඩත් බැහැ. හෙමින් හෙමින් අපිම හාරල එක එක උල්පත් මතු කරගන්ඩ ඕනෙ. ටිකින් ටික අපේ ගඟේ සලකුනු පාදගන්ඩ ඕනෙ. ඒක අපේ පරම්පරවෙ වගකීමක්.

මේක යටත්විජිත විදිහයට හිටිය (විෂේශයෙන් බ්‍රිතාන්ය යටත්විජිත) රටවල් වලට පොදු ප්‍රශ්නයක්. නමුත් දැන් ඒ සමහර රටවල් බොහොම හොඳින් ඒ පාරෙ යන බව පේනව.

හැබැයි මේක කරන්ඩ පුලුවන් දේශපාලනයෙන් නෙමේ. (දේශපාලකයන්ට උදව් කරන්ඩ පුලුවන්. ඒත් කරන්ඩ බැහැ) අපිම තමා කරන්ඩ ඕනෙ. එකිනෙකා වෙන වෙනම, තමන්ගෙ එදිනදා ජීවිත තුලින් සකස්වෙමින් තමා මේවඩෙ කරන්ඩ ඕනෙ.

හෙමින් නමුත්, වීරියයි, මොලෙයි පාවිච්චි කරල අපිට කරන්ඩ දෙයක් තියනව!

සටහන:
කොහොම හරි, මට කියන්ඩ ඕනෙ උනේ, අපිට නැති මොකද්දෝ ඉවක් අනිත් (හුඟක්) රටවල අයට තියනව කියන එක. ඒක ඒගොල්ලොන්ට මඟ පෙන්වන බව පේනව.
දියුණුයි කියන රටවල විදේශිකයන්ව ආශ්‍රය කරන්න ලැබෙන අය පොඩ්ඩක් මේ ගැන හිතල බලන්න.