ඊයෙ (27) ශ්‍රී ලාංකික අපිට තවත් ජයග්‍රාහී දවසක්! ඒ අපේ කට්ටිය, එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කවුඉන්සිලය හරහා ත්‍රරස්තවාදීන් සහ අධිරාජ්‍යවාදීන් ගෙනෙන්නට ගිය කුමන්ත්‍රනය ලත් තැනම ලොප් කරන්ඩ සමත්වීම නිසයි. මෙතනදි, සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල්, බ්‍රිතාන්‍යයන් සහ ඔවුන්ගේ සහචරයන් පරද්දන්න එක් වුන හැටි අපූරුයි!

ඒත් එක්කම ජාතිද්‍රෝහී සිංහලයෙක්ගෙ නැටුමකුත් කට්ටියට එලිපිටම බලාගන්ඩ පුලුවන් වුනා. අන්තර්ජාලය ඔස්සේ එහි සජීවී විකාශය බලා සිටියානම් ඔබත් දකින ඇති. නමින් ඔහු සුනන්ද දේශප්‍රිය. (ඒ ප්‍රකාශය මෙතනත් තියනව)

SUNANDA DESHAPRIYA, of Franciscans International, in a joint statement with Pax Romana and Dominicans for Justice and Peace, said the fighting between the Sri Lankan armed forces and the Liberation Tigers of Tamil Eelam had led to the death of more than 6,400 civilians, and had left 13,000 wounded and more than 230,000 displaced since January 2009. ..

කවුද මේ සහචර ෆ්‍රැන්සිස්කානුවො? මොනවද මේගොල්ලන්ගෙ අදහස්? ලංකාවෙ මොනවද කරන්නෙ? සිංහලයො ඇයි මේ අයට කඩේ යන්නෙ? ඔබත් සොයා බලන්න. හිතා බලන්න. හුඟක් දේ අන්තර්ජාලය හරහාම සොයාගන්ඩ පුලුවන්.

ඒත් එක්ක ඊයෙ වික්‍රමය ජයගත්, දයාන් ජයතිලක, රජීව විජේසිංහ සහ මහින්ද සමරසිංහ මහත්වරු ඇතුලු ඒ පිටිපස සිටි හැමට ස්තූතියි! අප හා සිටි සියලු රටවල රාජ්‍ය තාන්ත්‍රික නායකයන්ට ස්තූතියි!

update :

ජිනීවාහි සිංහ හඬ

බටහිටයන්ට එරෙහිව දයාන් ජයතිලක මහතා කල කතාව.

සුනන්ද දේශප්‍රිය ගේ අදේශප්‍රිය කතාව.

උපුටා ගැනීම Voice of Lanka, YouTube චැනලය.
විවාදයේ සියළු නිල දර්ශන මෙතනින් නරඹන්න.

Advertisements

යුද්දෙ ඉවරයි! අපි කිරිබත් කෑව. නිවාඩු ගත්ත. Facebook එකේ සිංහ කොඩිත් දැම්ම. මොකද්ද මේ උනේ? උනේ දෙමළ ත්‍රස්තවාදයෙ කරටිය කැඩීයාම සහ නිරායුද වීම. ඉතින් ප්‍රශ්නෙ ඉවරද? ඔක්කොම ඉවර නෑ.

කොටිය පණ අදින වෙලාවෙ, බළල මල්ලෙන් එලියට පැන්න. නියම සතුරා අපේ ජාතියත් එක්ක කෙලින්ම යුද්ධය ප්‍රකාශකරමින් ඉන්නව. තව වැඩි දවසක් යන්ඩ කලින් යුද්ධ අපරාධ කතාව වගේ එක එක කතා ඉස්සරහට දාගෙනෙ, බටහිරයො කෙලින්ම සටනට බහීවි. මේ සටනට මුහුන දෙන්න, උතුරෙ ආයුධ අරන් කරපු සටන දිනුව අපේ සොල්දාදුවො තරම්, අපේ තානාපති සේවයට හරි, විදේශ කටයුතු කරන කට්ටියට හය්යක් තියන බවක් පේන්නෙ නැහැ.

මම මේක මෙතන ලියන්නෙ මේක කියවන අයගෙ විශේෂත්වය නිසා, මෙය කියවන්න ලැබෙන අයට මේ කතන්දරයෙ ඉතිරි කොටස සම්බන්දයෙන් ලොකු දෙයක් කරන්න බැරි නෑ.

සටනෙ පළවෙනි වෙඩිමුර දැනටමත් පත්තු කරල ඉවරයි. මේ වෙබ් අඩවි බලන්න. විශේෂයෙන් මේවාට යොදා තිබෙන සිරස්තල සහ නියම ප්‍රවුතිය හොඳින් බලන්න. මේ කතාවෙ ප්‍රසිද්දියේ කියන කොටස විතරයි.

සටනෙ ඉතුරු ටික කරන්න අපිට කරන්න පුලුවන් දේ ගැන නොපමාව සිතිය යුතුයි. සැලසුම් කල යුතුයි. බටහිරයො කියන, කරන දේ ගැන ඇස් ඇරන් සිටිය යුතුයි.

කිසිම මිනිහෙක්, කිසිම හේතුවක් නිසා, තවත් මිනිසෙක් විසින් මරණයට පත් නොවිය යුතුයි. ඒකෙ දෙකක් නැහැ.

නමුත් මේ ලෝකෙ යථාර්තය ඒක නෙමේ. සමහර අමුනුස්සයන්ගෙ අධූරදර්ශී වැඩ නිසා, අපෙ අසරණ කොල්ලන්ට, ආයුධ අරන් තවත් උන් වගේම උන්ට වෙඩි තියන්ඩ සිද්ධ උනා.  ඒ වෙන හේතුවක් නිසා නෙමේයි, අපේ රටේ ප්‍රශ්නෙ විසඳන්න මේ කාලකන්නි ලෝකෙ විසින් ඉතිරි කරල තිබ්බ එකම ක්‍රමය ඒක නිසා.

එකම විසඳුම යුද්ධය නම්, යුද්ධ කල යුතුයි. අපි යුද්ධ කලා. හරියට කලා. ඇමරිකන් කාරයන්ටයි, යුරෝපීයන්ටයි, අපේ රටවල් වල යුද්ධ වවාගෙන කන ආයුධ ජාවාරම් කාරයන්ටයි, හිතාගන්ඩ බැරි විදිහට අපි යුද්ධකලා.

මිනිස්සු මැරුණ. එහෙම තමයි යුද්ධ කරනකොට.

මේ සටහන ලියන්ඩ හිත කීවෙ ඒක නිසා නෙමේ. මෙච්චර ජීවිත ගානක් බිලිගත්ත ප්‍රශ්නය විසඳෙන්න ඔන්න මෙන්න තියෙද්දි සිද්ධවෙන දේවල් දැකල හිතට ආපු දුකට.

පහුගිය දවස් වල ත්‍රස්තවාදියොයි, ආයුධ වෙලෙන්දොයි, උන්ට කඩේ යන උනුයි, උන්ගෙ සල්ලි වලට නටන සමහර ජාත්‍යන්තර මාධ්‍යවේදියොඉ උන්ගෙ අවසාන තුරුම්පුව එලියට ඇද්ද. දැන් මේවෙනකොට මුලතිව් වල සාමාන්‍ය මිනිස්සු මැරෙන හැටි කිය කිය මහ ලොකු ඇඬිල්ලක් විදිහට එන්නෙ ඕක තමයි. හිතට දුක ඒක නිසා නෙමේ. පැය 24ක් යන්ඩත් ඉස්සෙල ලංකාවෙ ඉන්න, පරාදීන සිංහලයො ටික මේක ප්‍රතිරාවය කරන්න පටන් ගත්ත හැටි දැකල.

ඉදිරි සති කීපය ලංකාවේ ඉතිහාසයේ තීරණාත්මක දින කීපයක් වේවි. රජ කාලෙත්, ඉන් පසුවත් කීපවරක් ම කළා වගේ, පරගැති සිංහලයන් යලිත් ජාතියේ කකුලෙන් ඇද බිම දමාවිද? අපේ ඇස් ඉදිරියේ හැදෙමින් පවතින ඉතිහාසය, අපිට ඕන විදිහට හදමු.

බුරන බල්ලන් ඉදිරියේ නොසැලෙන සිංහයන් මෙන් ජාතිය මෙහෙය වන්නට නායකයින්ට ධෛර්යය ලැබේවා!

(එහෙම කිව්වෙ, බලයේ ඉන්න පක්ෂයට හරි, ජනාධිපති වරයාට හරි ඇති විශේෂ පක්ෂකමක් නිසා නෙමේ. සිංහලයෙක් නිසා. ලාංකිකයෙක් නිසා. තවත් මිනිස්සු මැරෙනව දකින්න අකමැති මිනිහෙක් නිසා.)

ඉස්කෝලෙදි උගන්නපු අපේ ඉතිහසය ගැන මට එච්චර පහදීමක් තිබ්බෙ නැහැ. ඒක මට තෙරැනෙත් නැහැ. ලොකු පරස්පර තිබ්බ. 

මහා විහාරයේ උවමනාවට, මහා වංශය ඉතිහසය විකුර්ති කරල කියල අපේ උගත්තු එළිපිට කෑගහනව. නමුත් මට පස්සෙ කාලෙ බුද්ධ දේශනව ගැඹුරින් අහන්න ලැබෙද්දි තේරැනා මේක වැරදීමක් බව. අපේ ඉතිහාසයෙ එක තීරණාත්මක සාධකයක් ගොඩක් දෙනෙක්ට හරියට තේරුනේ නැති බවක් පෙනුන. නමුත් පිවිතුරැ බොදු ඇසකින්, ඇස් ඇරල බලද්දි අපේ ඇස් එදිරිපිට පේන දේවල් වලින් අපේ කතාව තෙරැම් ගන්න පුලුවන් බව මට තේරුම් ගියා. ඒ නිසා තමයි මම කලින් කිව්වෙ අපිට අපේ ඉව හෙමිහිට හොඩගන්ඩ බැරි නෑ කියල. මේ ගැන සවිස්තරව ඉසරහට ලියන්නම් පුලුවන් උනොත්.

කොහොම හරි මම මේ විදිහට ඉතිහාසය දිහා ආපහු බලමින් ඉන්න වෙලාවක තමා මට මේ  මහාචාර්ය නලින් ද සිල්වා ගෙ කතාව අහන්න ලබුනෙ. අබා ගැන මට කියන්ඩ දෙයක් නැහැ. නමුත් මේ දේශනයෙදි අපේ ඉතිහාසය සම්බන්ධව ගොඩනගන මතය අති විශිෂ්ඨයි! (මෙතනදි කියන්ඩ ඕනෙ මම මහාචාර්ය නලින් ද සිල්වා ගැන එච්චර පැහැදීමකින් හිටපු කෙනෙක් නොවන වග. ඒ සමහරවිට, මම උන්නැහෙ ගැනැ එච්චර දන්නෙ නැති නිසා වෙන්ඩ පුලුවන්) ඒ දේශනයෙදි කියවෙන අපේ ඉතිහාසය පිලිබඳ අතුරැ කතාව ඉතාමත් වැදගත් දෙයක් වෙන්ඩ ඉඩ තියනව. ඒ කතාව සම්පූර්ණයෙන් අහන්ඩ මම කැමතියි.

නලින් ද සිල්වා මහත්ත්යො, අර කිව්වත්වගේ ඕක ලියන්ඩ. වැඩි කල් යවන්නෙ නැතුව.

ගිය පාර ලංකවට ආපු වෙලේ, එක එක දේවල් වලට රටපුරා දුවන අතරෙ මට වෙනදටත් වඩා හොඳට දැනුනු දෙයක් තිබ්බ. ඒතමා අපේ රටේ හුඟ දෙනෙක් (විෂේශයෙන් තරැණ පිරිස) ගත කරන්නෙ පාවෙන ජීවිත කියන එක. මොනවටද ජීවත් වෙන්නෙ කියල දන්නෙ නෑ. මොනවද කරන්ඩ ඕනෙ කියල දන්නෙ නෑ. මෙතනින් කොහෙට ද යන්නෙ කියල දන්නෙ නෑ. ජීවිතේ කිසි සතුටකුත් නෑ. අවාසනාවන්ත හොල්මං වගේ ඔහේ යනව.

ඔය ගැන මම කල්පනා කර කර ඉන්න වෙලේ මම නවතිලා හිටපු තැන හිටපු ඕලන්දක්කාර (Dutch) කාන්තාවක් මාත් එක්ක කතාවට ඇවිත්, මගෙ හිත කියෙව්ව වගේ මගෙන් අහනව, “ඔයා මොනවද ලංකාව ගැන හිතන්නෙ?. මිනිස්සුන්ගෙ කිසි සජීවී බවක් නැහැ නේද?” කියල.

ඇත්ත, හමෝම ජීවිතේ දිහා ගැඹුරින් බලන්නෙ නැහැ තමා. ඒත් වෙනත් හුඟක් රටවල මිනිස්සුන්ට ඉවෙන් වගේ තමන්ගෙ ජීවිත ගලාගෙන යන විදිහ ගැන අවබෝධයක් තියනව. කරන්ඩ ඕන දේදන්නව. තමන්ගෙ ජීවිත් දිහා ගැඹුරෙන් නොබැලුවට නිරායාසයෙන් ම ඒක ගලාගෙන යනව. ටික කාලයක් දියුණුයි කියන රටවල මිනිස්සු අතරෙ ඉන්නකටො මේක හොඳට දැනෙනව. අන්තිම මෝඩය උනත් කොහෙන්දෝ ආපු ඉවකින් වගේ අරමුණක් කරා යනව. අපිට ඒක දනෙන් නැත්තෙ ඇයි?

බැලූ බැල්මටම හිතෙන්නෙ අපිට සල්ලි නෑ. උන්ට සල්ලි තියනව. යුද්ද කරන්ඩත් ඕනෙ. බඩු මිලත් වැඩි වෙලා. අපි එදා වේල හොයගන්ඩ දුක් විඳිනව. උන්ට සැප. අපිට දුක. අපිට ඕව හිතන්ඩ, කරන්ඩ වෙලාව නෑ, කියල. ඒත් ඇත්ත ඒක නෙමේ. අපේ සමජය හොල්මං වෙන්ඩ හෙතුවක් තියනව. පාවි පාවී ඔහේ යන්ඩ හේතුවක් තියනව.

ඒ හේතුව තමා අපේ සමජයෙ පදනම දිරා ගිහින් තිබීම. අපේ පද්ධති බිඳ වැටී තිබීම. ඇත්තෙන්ම ඒක බිඳ වටීමක් නෙමේ. බිඳ දැමීමක්. බිඳ දැමීමක්මත් නෙමේ, බිඳදමමින් පැවතීමක්. මේක අව්‍රැදු 300ක් විතර කාලයක් තිස්සෙ බොහොම හෙමින් වෙන දෙයක් නිසා, කල්පනාවෙන් නොබැලුවොත් එක පාරට පේන්නෙ නෑ.

කාලාන්තරයක් මුලුල්ලේ සමාජයක ගොඩ නැගෙන එක එක පද්ධති නිසා තමා මිනිස්සුන්ට අර ඉව ලබෙන්නෙ. එතකොට තමා යන ගමනෙ සිතියම මිනිස්සුන්ගෙ ලේවල තැම්පත් වෙන්නෙ. හුඟක් උල්පත්වලින් දිගටම නොකඩවා වතුර ගලනකොට, ඒ වතුර මුහුදට ගලන පාර හෙමින් හෙමින් සකස් වෙලා, ගඟේ පාර ලකුනු වෙනව වගේ වැඩක් තමා ඒක. අපේ ඒ ගඟ හෙමින් හෙමින් හිඳිල ගිහින්. තැනින් තැනින් මතුවෙන හුදකලා උල්පත් වලට ගලන්ඩ පාරක් නැහැ. මඩ වලවල් විතරයි හැදෙන්නෙ.

ඉතින් අපි මොකද කරන්ඩ ඕනෙ? මේක පිටින් ගෙනාපු දේවල් වලින් පුරැද්දන්ඩ (repair කරන්ඩ) බැහැ. අලුතෙන් ම හදන්ඩත් බැහැ. හෙමින් හෙමින් අපිම හාරල එක එක උල්පත් මතු කරගන්ඩ ඕනෙ. ටිකින් ටික අපේ ගඟේ සලකුනු පාදගන්ඩ ඕනෙ. ඒක අපේ පරම්පරවෙ වගකීමක්.

මේක යටත්විජිත විදිහයට හිටිය (විෂේශයෙන් බ්‍රිතාන්ය යටත්විජිත) රටවල් වලට පොදු ප්‍රශ්නයක්. නමුත් දැන් ඒ සමහර රටවල් බොහොම හොඳින් ඒ පාරෙ යන බව පේනව.

හැබැයි මේක කරන්ඩ පුලුවන් දේශපාලනයෙන් නෙමේ. (දේශපාලකයන්ට උදව් කරන්ඩ පුලුවන්. ඒත් කරන්ඩ බැහැ) අපිම තමා කරන්ඩ ඕනෙ. එකිනෙකා වෙන වෙනම, තමන්ගෙ එදිනදා ජීවිත තුලින් සකස්වෙමින් තමා මේවඩෙ කරන්ඩ ඕනෙ.

හෙමින් නමුත්, වීරියයි, මොලෙයි පාවිච්චි කරල අපිට කරන්ඩ දෙයක් තියනව!

සටහන:
කොහොම හරි, මට කියන්ඩ ඕනෙ උනේ, අපිට නැති මොකද්දෝ ඉවක් අනිත් (හුඟක්) රටවල අයට තියනව කියන එක. ඒක ඒගොල්ලොන්ට මඟ පෙන්වන බව පේනව.
දියුණුයි කියන රටවල විදේශිකයන්ව ආශ්‍රය කරන්න ලැබෙන අය පොඩ්ඩක් මේ ගැන හිතල බලන්න.