සරත් ෆොන්සේකා මහතා මොනවදෝ කරමින් සිටී. ඔහු කරන්නේ කුමක්දැයි ඔහු දන්නාවායැයි සිතිය නොහැක. කෙසේ හෝ වේවා, සුද්දන්ගේ ජඩ මගඩියක් අපේ මාතෲභූමිය මත නැවතත් සිදුවෙමින් පවතී.

කෙටියෙන්ම කියතොත් සරත් ෆොන්සේකා මහතා මේ ඉරිදා සන්ඩේ ලීඩර් පුවත් පතට කළායයි කියන ප්‍රකාශය හුදකලා සිදුවීමක් නොවේ. (එය ඒ පත්තරයේ වරදවා වටහා ගැනීමක් බව දැන් ඒ මහතා කියයි) සරත් ෆොන්සේකා හෝ වේවා, සන්ඩේ ලීඩර් පත්තරය හෝ වේවා, ඒ තැබුයේ පලමු වෙඩි මුරය පමණි.

අද දෙවන වෙඩිමුරය බ්‍රිතාන්ය්යේ ටිමෙස් පුවත් පත තබා තිබේ. ශ්‍රී ලාංකීය හමුදා භටයෝ සිර කරුවන් මරා දමන්නේ යැයි පෙන්වන ව්‍යාජ වීඩියෝ දර්ශනයක් ඔවුන් නිර්මානය කර, යලි මඩ ව්‍යාපාරයක් පටන් ගෙන ඇත.

අපට තේරෙන තරමින් නම්, සරත් ෆොන්සේකා මහතා දැන දැනම මෙසේ තමන්ගේම වල කපා ගැනිතැයි සිතිය නොහැක. අනිත් අතින් සන්ඩේ ලීඩර්ලාගේ පැටිකිරිය රටට රහසක් නොවේ.

කොහොමින් හෝ සුද්දන්ට ඕනෑ බොහෝ දේ දැනටත් සිදුවී හමාරය.
1) අසම වූ යුද ජයග්‍රහනයේ සෙන්පතියාට තම පිරිසගෙන්ම මඩ ගසා ඒ ජයග්‍රහනයේ ප්‍රභාව සෝදාහැරීම.
2) ලාංකිකයන් වැඩිම පිරිසක් ස්ථාවරව එක්ව සිටි සංවිධානය වන එ.ජා.ප.ය දියකර හැරීම.
3) ශ්‍රී ලංකාවේ අභිමානනීය ජන නායකයා, අන්තර්ජාතික යුද නීති ඉදිරියේ වැරදි කරුවකු කිරීමට අවශ්ය පසුබිම සකස් කිරීම.

අප ඇස් ඇරන් සිටිය යුතු කාලය යලිත් එලඹ තිබේ. පර බල්ලෝ යලි බුරන්නට පටන්ගෙන ඇත.

රජයේ මාධ්‍ය සහ බොහෝ ඇමති වරුන්ද සුද්දාගේ ඇම් කා ඇති බව පෙනේ. මේ වේලාවේ වැරදි හෝ වේවා, නිවැරදි හෝ වේවා සරත් ෆොන්සේකාට ගල් නොගැසිය යුතුය. මන්දයත් ඔහු අපේම කකුලක් නිසාය. අපට ඉතිහාසය “undo” කළ නොහැක. ඔහුට ගසන ගල් වැදෙන්නේ අපටමය.

කළ යුත්තේ අපහාස ඉවත දමා, ජාතියේ නාමයෙන් මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට කළ හැකි සියල්ල කිරීමය. ඔහු සුද්දාව පඩයකට ගනන් නොගෙන සිය කාරිය මනාව ඉටු කල හැටි අපි මෙතෙක් හොඳින් දැක්කෙමු. ඉතිරියද කල හැක්කේ එවැන්නෙකුටම පැමණි.
සරත් ෆොන්සේකා මහතා ගේ ඉරණම දෛවය විසින් විසඳනු ඇත. වෛරයේ බීය වලින් සොඳුරු ඵල කෙසේනම් ලබන්නද?
Advertisements

කිසිම මිනිහෙක්, කිසිම හේතුවක් නිසා, තවත් මිනිසෙක් විසින් මරණයට පත් නොවිය යුතුයි. ඒකෙ දෙකක් නැහැ.

නමුත් මේ ලෝකෙ යථාර්තය ඒක නෙමේ. සමහර අමුනුස්සයන්ගෙ අධූරදර්ශී වැඩ නිසා, අපෙ අසරණ කොල්ලන්ට, ආයුධ අරන් තවත් උන් වගේම උන්ට වෙඩි තියන්ඩ සිද්ධ උනා.  ඒ වෙන හේතුවක් නිසා නෙමේයි, අපේ රටේ ප්‍රශ්නෙ විසඳන්න මේ කාලකන්නි ලෝකෙ විසින් ඉතිරි කරල තිබ්බ එකම ක්‍රමය ඒක නිසා.

එකම විසඳුම යුද්ධය නම්, යුද්ධ කල යුතුයි. අපි යුද්ධ කලා. හරියට කලා. ඇමරිකන් කාරයන්ටයි, යුරෝපීයන්ටයි, අපේ රටවල් වල යුද්ධ වවාගෙන කන ආයුධ ජාවාරම් කාරයන්ටයි, හිතාගන්ඩ බැරි විදිහට අපි යුද්ධකලා.

මිනිස්සු මැරුණ. එහෙම තමයි යුද්ධ කරනකොට.

මේ සටහන ලියන්ඩ හිත කීවෙ ඒක නිසා නෙමේ. මෙච්චර ජීවිත ගානක් බිලිගත්ත ප්‍රශ්නය විසඳෙන්න ඔන්න මෙන්න තියෙද්දි සිද්ධවෙන දේවල් දැකල හිතට ආපු දුකට.

පහුගිය දවස් වල ත්‍රස්තවාදියොයි, ආයුධ වෙලෙන්දොයි, උන්ට කඩේ යන උනුයි, උන්ගෙ සල්ලි වලට නටන සමහර ජාත්‍යන්තර මාධ්‍යවේදියොඉ උන්ගෙ අවසාන තුරුම්පුව එලියට ඇද්ද. දැන් මේවෙනකොට මුලතිව් වල සාමාන්‍ය මිනිස්සු මැරෙන හැටි කිය කිය මහ ලොකු ඇඬිල්ලක් විදිහට එන්නෙ ඕක තමයි. හිතට දුක ඒක නිසා නෙමේ. පැය 24ක් යන්ඩත් ඉස්සෙල ලංකාවෙ ඉන්න, පරාදීන සිංහලයො ටික මේක ප්‍රතිරාවය කරන්න පටන් ගත්ත හැටි දැකල.

ඉදිරි සති කීපය ලංකාවේ ඉතිහාසයේ තීරණාත්මක දින කීපයක් වේවි. රජ කාලෙත්, ඉන් පසුවත් කීපවරක් ම කළා වගේ, පරගැති සිංහලයන් යලිත් ජාතියේ කකුලෙන් ඇද බිම දමාවිද? අපේ ඇස් ඉදිරියේ හැදෙමින් පවතින ඉතිහාසය, අපිට ඕන විදිහට හදමු.

බුරන බල්ලන් ඉදිරියේ නොසැලෙන සිංහයන් මෙන් ජාතිය මෙහෙය වන්නට නායකයින්ට ධෛර්යය ලැබේවා!

(එහෙම කිව්වෙ, බලයේ ඉන්න පක්ෂයට හරි, ජනාධිපති වරයාට හරි ඇති විශේෂ පක්ෂකමක් නිසා නෙමේ. සිංහලයෙක් නිසා. ලාංකිකයෙක් නිසා. තවත් මිනිස්සු මැරෙනව දකින්න අකමැති මිනිහෙක් නිසා.)