පෙරේද මුලු ලෝකෙම ඉස්සරහ වෙච්ච නින්දාව ඉවසගන්ඩ අමාරැයි වගේ සුද්දො ටිකට. ඔන්න අද ටයිම්ස් ඔන්ලිනෙ එකෙ බොරැ ලිපි දෙකක් දාල ලොකුවට ලංකාවෙ සමූල ඝාතනයක් ගැන.

(මෙතන මම මුන්ව ලින්ක් කරන්නෙ නැහැ. මේ පාහරයොන්ට එච්චර දෙයක් කරන්ඩවත් වටින්නෙ නැහැ. ගූග්ල් එකෙ කඩ්ඩෙන් “ටයිම්ස් ඔන්ලින්” කියල ගහල ඒක බලන්න) කොටි ටික photoshop කරපු පින්තූර දාල බොරැ ප්‍රවුත්ති හැදුවටත් අන්ත වැඩක් තමා මේක.

මුන්ට අමතක වෙලා ලංකාවෙ සමූල ඝාතන කරේ කව්ද කියල. වෙල්ලස්ස ලේ වලින් තෙත් කරල අපිට මුන් මානව අයිත්වාසිකම් දීපුහැටි ආයිත් මතක් කරල දෙන්න කාලෙ ඇවිත්!

ජෙරමි පේජ් කියන මිනිහ මේ පත්ත්‍රේම ගිය සතිය පුරාවට පිටු දෙකේ විශේෂාංගය ගානෙ ලියල තියනව, ලංකාවෙ හදන බඩුත් ගන්න එපා කියල.

මම නිකමට වගේ මම ගූග්ල් කරල බැලුව, බ්‍රිතාන්‍යයො ලංකාවට ඇවිත් කරපු පාහර වැඩ හොයාගන්ඩ ඇත්තෙම නැති තරම්. මේව අපි ලියන්ඩ ඔනෙ. හේතු ගනාවක් නිසා මේක ඒකට නියම කාලය. කව්ද කැමති එකතු වෙලා මොනව හරි කරන්න? ලියුමක් එවන්න

Advertisements

ඉස්කෝලෙදි උගන්නපු අපේ ඉතිහසය ගැන මට එච්චර පහදීමක් තිබ්බෙ නැහැ. ඒක මට තෙරැනෙත් නැහැ. ලොකු පරස්පර තිබ්බ. 

මහා විහාරයේ උවමනාවට, මහා වංශය ඉතිහසය විකුර්ති කරල කියල අපේ උගත්තු එළිපිට කෑගහනව. නමුත් මට පස්සෙ කාලෙ බුද්ධ දේශනව ගැඹුරින් අහන්න ලැබෙද්දි තේරැනා මේක වැරදීමක් බව. අපේ ඉතිහාසයෙ එක තීරණාත්මක සාධකයක් ගොඩක් දෙනෙක්ට හරියට තේරුනේ නැති බවක් පෙනුන. නමුත් පිවිතුරැ බොදු ඇසකින්, ඇස් ඇරල බලද්දි අපේ ඇස් එදිරිපිට පේන දේවල් වලින් අපේ කතාව තෙරැම් ගන්න පුලුවන් බව මට තේරුම් ගියා. ඒ නිසා තමයි මම කලින් කිව්වෙ අපිට අපේ ඉව හෙමිහිට හොඩගන්ඩ බැරි නෑ කියල. මේ ගැන සවිස්තරව ඉසරහට ලියන්නම් පුලුවන් උනොත්.

කොහොම හරි මම මේ විදිහට ඉතිහාසය දිහා ආපහු බලමින් ඉන්න වෙලාවක තමා මට මේ  මහාචාර්ය නලින් ද සිල්වා ගෙ කතාව අහන්න ලබුනෙ. අබා ගැන මට කියන්ඩ දෙයක් නැහැ. නමුත් මේ දේශනයෙදි අපේ ඉතිහාසය සම්බන්ධව ගොඩනගන මතය අති විශිෂ්ඨයි! (මෙතනදි කියන්ඩ ඕනෙ මම මහාචාර්ය නලින් ද සිල්වා ගැන එච්චර පැහැදීමකින් හිටපු කෙනෙක් නොවන වග. ඒ සමහරවිට, මම උන්නැහෙ ගැනැ එච්චර දන්නෙ නැති නිසා වෙන්ඩ පුලුවන්) ඒ දේශනයෙදි කියවෙන අපේ ඉතිහාසය පිලිබඳ අතුරැ කතාව ඉතාමත් වැදගත් දෙයක් වෙන්ඩ ඉඩ තියනව. ඒ කතාව සම්පූර්ණයෙන් අහන්ඩ මම කැමතියි.

නලින් ද සිල්වා මහත්ත්යො, අර කිව්වත්වගේ ඕක ලියන්ඩ. වැඩි කල් යවන්නෙ නැතුව.