දැං මොකද කරන්නෙ?

May 22, 2009

යුද්දෙ ඉවරයි! අපි කිරිබත් කෑව. නිවාඩු ගත්ත. Facebook එකේ සිංහ කොඩිත් දැම්ම. මොකද්ද මේ උනේ? උනේ දෙමළ ත්‍රස්තවාදයෙ කරටිය කැඩීයාම සහ නිරායුද වීම. ඉතින් ප්‍රශ්නෙ ඉවරද? ඔක්කොම ඉවර නෑ.

කොටිය පණ අදින වෙලාවෙ, බළල මල්ලෙන් එලියට පැන්න. නියම සතුරා අපේ ජාතියත් එක්ක කෙලින්ම යුද්ධය ප්‍රකාශකරමින් ඉන්නව. තව වැඩි දවසක් යන්ඩ කලින් යුද්ධ අපරාධ කතාව වගේ එක එක කතා ඉස්සරහට දාගෙනෙ, බටහිරයො කෙලින්ම සටනට බහීවි. මේ සටනට මුහුන දෙන්න, උතුරෙ ආයුධ අරන් කරපු සටන දිනුව අපේ සොල්දාදුවො තරම්, අපේ තානාපති සේවයට හරි, විදේශ කටයුතු කරන කට්ටියට හය්යක් තියන බවක් පේන්නෙ නැහැ.

මම මේක මෙතන ලියන්නෙ මේක කියවන අයගෙ විශේෂත්වය නිසා, මෙය කියවන්න ලැබෙන අයට මේ කතන්දරයෙ ඉතිරි කොටස සම්බන්දයෙන් ලොකු දෙයක් කරන්න බැරි නෑ.

සටනෙ පළවෙනි වෙඩිමුර දැනටමත් පත්තු කරල ඉවරයි. මේ වෙබ් අඩවි බලන්න. විශේෂයෙන් මේවාට යොදා තිබෙන සිරස්තල සහ නියම ප්‍රවුතිය හොඳින් බලන්න. මේ කතාවෙ ප්‍රසිද්දියේ කියන කොටස විතරයි.

සටනෙ ඉතුරු ටික කරන්න අපිට කරන්න පුලුවන් දේ ගැන නොපමාව සිතිය යුතුයි. සැලසුම් කල යුතුයි. බටහිරයො කියන, කරන දේ ගැන ඇස් ඇරන් සිටිය යුතුයි.

Advertisements

6 Responses to “දැං මොකද කරන්නෙ?”

  1. අනූ Says:

    අපේ තනාපතිවරුන්ගෙන් වෙන සේවය නං හොදටම මදි. මං හිතන්නේ උං බුදි.


  2. සාක්ෂිත් එක්කම මේ අන්තරාව පෙන්නල දුන්නට ස්තුතියි. මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි ප්‍රභාකරන් අවුරුදු 33ක් පුරාවට කළ විනාශය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් (පුළුවන් නම් ප්‍රංශ, ජර්මන් ආදී අනෙකුත් ජාත්‍යන්තර භාෂා වලිනුත්) වැඩි වැඩියෙන් බ්ලොග් ලිපි ලියා පළ කරන එක. ඒ බ්ලොග් එකකට එකක් ලින්ක් කර ඒ අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තාම Google Search Index එකේ මුලටත් ඒ ලිපි එයි. — මගේ අදහසක් නෙමෙයි, ‘සිත ඇඳි සටහන්’ කියල වෙන බ්ලොග් එකක තිබුණ ලිපියකිනුයි අදහස ආවෙ.

    (වැඩි විස්තර: http://en.wikipedia.org/wiki/Notable_attacks_attributed_to_the_LTTE)


  3. […] මෙන්න පළවෙනි එක: අපි ආයෙත් යුද්දෙ පටන් ගමු මෙන්න දෙවෙනි එක: දැං මොකද කරන්නෙ? […]

  4. life Says:

    අපේ ජාතිමාමක බලවේග මේ යුද්ධය ආරම්භ කළේ කොටින් එක්ක ආණ්ඩුව යුද්ධ කරන්නත් කලින්. ඒත් දැන් ඒ යුද්ධය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ම පටන් ගන්න කාලය හරි.
    අපි බලමු ලොක්ක මොන අතටද යන්නෙ කියල

  5. රැපා Says:

    මේ ගැන මම අපේ මිතුරොත් එක්ක කියන කතාවක් තියෙනවා. රටක අභ්‍යන්තර ගැටළුවක් තිබීම ඔය බටහිර ධනවාදී රටවලට පහසුවක්. මොකද ඔවුන්ගේ අධිපත්‍යට එකෙන් ලැබෙන්නේ වාසියක්. මොකද එවැනි දෙයක් නොමැතිනම් එවැනි රටවල් ඔවුන්ට අභියෝගයක් වෙයි කියන බිය තියෙනවා. නැත්නම් සමහර වෙලවට අපිටත් නැති අමාරුවක්නෙ මුන්දැලට අපේ රට ගැන තියෙන්නේ කියල හිතෙනවා. දැන් ඔය සිරස වැනි මාධ්‍ය ආයතන වලින් ඔවුන් උත්සහා කරන්නේ ඒ දේම තමයි. මේවා අපේ සම-හරක්ට තෙරුම යන්නේ අශ්වයා පැනලා ගියාට පසුවයි. ඔබ කිව්වා වගේ අවදියෙන් ඉඳීම තමයි සුදුසුම දේ.

  6. aaloka Says:

    සමීර ශාකුන්තල, ඒක හොඳ අදහසක්. පුලු පුලුවන් තරමින් මේවා ලියමු.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s