නොලියාම බැරි නිසා…

February 2, 2009

කිසිම මිනිහෙක්, කිසිම හේතුවක් නිසා, තවත් මිනිසෙක් විසින් මරණයට පත් නොවිය යුතුයි. ඒකෙ දෙකක් නැහැ.

නමුත් මේ ලෝකෙ යථාර්තය ඒක නෙමේ. සමහර අමුනුස්සයන්ගෙ අධූරදර්ශී වැඩ නිසා, අපෙ අසරණ කොල්ලන්ට, ආයුධ අරන් තවත් උන් වගේම උන්ට වෙඩි තියන්ඩ සිද්ධ උනා.  ඒ වෙන හේතුවක් නිසා නෙමේයි, අපේ රටේ ප්‍රශ්නෙ විසඳන්න මේ කාලකන්නි ලෝකෙ විසින් ඉතිරි කරල තිබ්බ එකම ක්‍රමය ඒක නිසා.

එකම විසඳුම යුද්ධය නම්, යුද්ධ කල යුතුයි. අපි යුද්ධ කලා. හරියට කලා. ඇමරිකන් කාරයන්ටයි, යුරෝපීයන්ටයි, අපේ රටවල් වල යුද්ධ වවාගෙන කන ආයුධ ජාවාරම් කාරයන්ටයි, හිතාගන්ඩ බැරි විදිහට අපි යුද්ධකලා.

මිනිස්සු මැරුණ. එහෙම තමයි යුද්ධ කරනකොට.

මේ සටහන ලියන්ඩ හිත කීවෙ ඒක නිසා නෙමේ. මෙච්චර ජීවිත ගානක් බිලිගත්ත ප්‍රශ්නය විසඳෙන්න ඔන්න මෙන්න තියෙද්දි සිද්ධවෙන දේවල් දැකල හිතට ආපු දුකට.

පහුගිය දවස් වල ත්‍රස්තවාදියොයි, ආයුධ වෙලෙන්දොයි, උන්ට කඩේ යන උනුයි, උන්ගෙ සල්ලි වලට නටන සමහර ජාත්‍යන්තර මාධ්‍යවේදියොඉ උන්ගෙ අවසාන තුරුම්පුව එලියට ඇද්ද. දැන් මේවෙනකොට මුලතිව් වල සාමාන්‍ය මිනිස්සු මැරෙන හැටි කිය කිය මහ ලොකු ඇඬිල්ලක් විදිහට එන්නෙ ඕක තමයි. හිතට දුක ඒක නිසා නෙමේ. පැය 24ක් යන්ඩත් ඉස්සෙල ලංකාවෙ ඉන්න, පරාදීන සිංහලයො ටික මේක ප්‍රතිරාවය කරන්න පටන් ගත්ත හැටි දැකල.

ඉදිරි සති කීපය ලංකාවේ ඉතිහාසයේ තීරණාත්මක දින කීපයක් වේවි. රජ කාලෙත්, ඉන් පසුවත් කීපවරක් ම කළා වගේ, පරගැති සිංහලයන් යලිත් ජාතියේ කකුලෙන් ඇද බිම දමාවිද? අපේ ඇස් ඉදිරියේ හැදෙමින් පවතින ඉතිහාසය, අපිට ඕන විදිහට හදමු.

බුරන බල්ලන් ඉදිරියේ නොසැලෙන සිංහයන් මෙන් ජාතිය මෙහෙය වන්නට නායකයින්ට ධෛර්යය ලැබේවා!

(එහෙම කිව්වෙ, බලයේ ඉන්න පක්ෂයට හරි, ජනාධිපති වරයාට හරි ඇති විශේෂ පක්ෂකමක් නිසා නෙමේ. සිංහලයෙක් නිසා. ලාංකිකයෙක් නිසා. තවත් මිනිස්සු මැරෙනව දකින්න අකමැති මිනිහෙක් නිසා.)

Advertisements

4 Responses to “නොලියාම බැරි නිසා…”

  1. manoj Says:

    ”’පරගැති සිංහලයන් යලිත් ජාතියේ කකුලෙන් ඇද බිම දමාවිද?”’

    අනිවාර්යයෙන්ම අප වඩාත් ආරක්ෂාවිය යුත්තේ කොටින්ගෙන් නොව සිංහලයන් කියාගන්නා පරගැතියන්ගෙනි.

    රාවණා රජු රාමගේ වදුරු හමුදාවට පැරදුනෙත් ඒ වගේ එකෙක් නිසා තමයි.එදා එහෙම වුනානම් අද කොහොම වෙන්න බැරිද

  2. රැපා Says:

    ආලොක, ඇත්තටම ඔබ ඔය කියන් සිද්ධිය එම මෙහෙයුමේ තවත් එක් සිද්ධියක් පමණයි. මට පේන විදිය මෙකට හෙතු වෙන්න ඔනි මූලිකම කාරණාව මේකයි. දැන් බලන්න ස්වේච්චා සංවිධාන කියන්නෙ අද කාලෙ තියෙන ආදායම් ඉපදීමේ වයාපාරයක් වෙලානේ ඉතින් මෙවුන්ට මැරෙන්නෙ මිනිස්සුද කියල වගක් නෑ. යුද්ධෙ නැවතුනොත් මෙවුන්ට අකුලගෙන යන්න වෙනවා. මේක හැබයි එක හේතුවක් විත‍රයි. තව සියුම් හේතු ගනනවක් තියෙනව(දන්නෝ දනිති).

  3. life Says:

    පාවා දීම පරගැති බව අපේ ජාතියට අළුත් දෙයක් නෙමේ. රාවණා රජතුමාට ද්‍රෝහි වුණෙ තමන්ගෙම සහෝදරයා විභිෂණ. තමන්ගෙ රජතුමාට ද්‍රෝහි වෙලා රට පාවා දුන්නු ද්‍රෝහියා වෙනුවෙන් දේවාල පවා හදල පුද සත්කාර කරන රටකයි අපි ඉන්නෙ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s