අපේ ඉතිහාසය සහ නලින් ද සිල්වා

November 10, 2008

ඉස්කෝලෙදි උගන්නපු අපේ ඉතිහසය ගැන මට එච්චර පහදීමක් තිබ්බෙ නැහැ. ඒක මට තෙරැනෙත් නැහැ. ලොකු පරස්පර තිබ්බ. 

මහා විහාරයේ උවමනාවට, මහා වංශය ඉතිහසය විකුර්ති කරල කියල අපේ උගත්තු එළිපිට කෑගහනව. නමුත් මට පස්සෙ කාලෙ බුද්ධ දේශනව ගැඹුරින් අහන්න ලැබෙද්දි තේරැනා මේක වැරදීමක් බව. අපේ ඉතිහාසයෙ එක තීරණාත්මක සාධකයක් ගොඩක් දෙනෙක්ට හරියට තේරුනේ නැති බවක් පෙනුන. නමුත් පිවිතුරැ බොදු ඇසකින්, ඇස් ඇරල බලද්දි අපේ ඇස් එදිරිපිට පේන දේවල් වලින් අපේ කතාව තෙරැම් ගන්න පුලුවන් බව මට තේරුම් ගියා. ඒ නිසා තමයි මම කලින් කිව්වෙ අපිට අපේ ඉව හෙමිහිට හොඩගන්ඩ බැරි නෑ කියල. මේ ගැන සවිස්තරව ඉසරහට ලියන්නම් පුලුවන් උනොත්.

කොහොම හරි මම මේ විදිහට ඉතිහාසය දිහා ආපහු බලමින් ඉන්න වෙලාවක තමා මට මේ  මහාචාර්ය නලින් ද සිල්වා ගෙ කතාව අහන්න ලබුනෙ. අබා ගැන මට කියන්ඩ දෙයක් නැහැ. නමුත් මේ දේශනයෙදි අපේ ඉතිහාසය සම්බන්ධව ගොඩනගන මතය අති විශිෂ්ඨයි! (මෙතනදි කියන්ඩ ඕනෙ මම මහාචාර්ය නලින් ද සිල්වා ගැන එච්චර පැහැදීමකින් හිටපු කෙනෙක් නොවන වග. ඒ සමහරවිට, මම උන්නැහෙ ගැනැ එච්චර දන්නෙ නැති නිසා වෙන්ඩ පුලුවන්) ඒ දේශනයෙදි කියවෙන අපේ ඉතිහාසය පිලිබඳ අතුරැ කතාව ඉතාමත් වැදගත් දෙයක් වෙන්ඩ ඉඩ තියනව. ඒ කතාව සම්පූර්ණයෙන් අහන්ඩ මම කැමතියි.

නලින් ද සිල්වා මහත්ත්යො, අර කිව්වත්වගේ ඕක ලියන්ඩ. වැඩි කල් යවන්නෙ නැතුව.

Advertisements

8 Responses to “අපේ ඉතිහාසය සහ නලින් ද සිල්වා”


  1. පැහැදිමක් නැත්තේ නලින් ද සිල්වා හැනද එතුමාගේ අදහස් හැනද?කවුද හර් නොව හරි කුමක් දැයි බලන්න.නලින්ද සිල්වා මහ්ත්මයා ගේ අද්හස් වලින් හරී ඒවා ගැන දැනගන්න http://www.kalaya.org වෙතට යන්න


  2. නලින් ද සිල්වා සර්ගේ පොත ටික කියොව්වොත් සැහෙන්න පිළිතුරක් සොයාගත්තෑකි.

  3. aaloka Says:

    Dilan,
    අදහස් සහ එහි උපදවන්නා කියන කරැණු දෙකම අපිට වැදගත් (හරියට අබා සහ ජැක්සන් වගේ) kalaya.org එකේ සංවාද මම හුඟක් අහුන්කන් දීල තියනව. දැනුම සහ අපේ දේවල් පිලිබඳව නලින් ද සිල්වා මහත්මයගෙ අදහස් අති විශිශ්ඨයි. ඒවගේම ඉලක්කයටම කියනව.

    මම නොපහදීමකින් හිටියෙ බුද්ධ ධර්මය සම්බන්දයෙන් ඔහු දක්වන සමහර ආකල්ප ගැන. උදාහරණයක් විදිහට වික්‍රමබාහු මහත්මයත් එක්ක සංවදයෙදි, බුද්ධ ධර්මයේ එන සංඛාර වලට “සංස්කරනය” යන අරැත තමන්ගේ දැනුමක් විදිහට හුවා දැක්වීමට එකඟ වෙන්න බැහැ. ඒක බුද්ධ වචනයක්. බුදු සමය වෙනුවෙන් ප්‍රසිද්දියේ පෙනී සිටින ප්‍රතිරූප, බුදුරජාණන් වහන්සේ ගේ සුවිශිෂ්ඨ අවබෝධය තමන්ගේ දෙයක් ලෙස හුවා දැක්වීමට එකඟ වෙන්ඩ බැහැ.

    අර කිව්වත් වගේ හැබැයි මේක සංවාදයේ උනුසුම නිසා උන අතපසුවීමක් වෙන්ඩ බැරි නෑ. කොහොම නමුත් අපි පරිස්සම් වෙන්ඩ ඕනෙ.

    සුලු දේවල් කියල පේන්ඩ පුලුවන්, ඒත් දැක්ක තැන කිව්වෙ ධර්මයටත්, නලින් ද සිල්වා මහත්තයටත් තියන ආදරේ නිසයි.

    සංවාදයට ස්තූතියි.

  4. aaloka Says:

    අමල් ,
    ඉතිහාසය පිලිබඳ කතාව තවම පොතක් විදිහට පල වෙල නැහෙ නේද? විදුසර පත්තරේ කොටස් වශයෙන් පල කරනව කියලයි ආරංචිය.


  5. අකුරු ටිකක් ලොකු කලානම් කියවන්න පහසු වේවි

  6. aaloka Says:

    ස්තූතියි හර්ශණ,
    ඔන්න අකුරැ වෙනස් කලා.

  7. රැපා Says:

    හොද මතෘකාවක් ඇදල ගත්තේ. මමත් මහචාර්ය නලීන් දී සිල්වාට කැමති ජාත්යාලය කියන දේ එතුමගේ ඇගේ තියෙනවා. නමුත් ගොඩක් පිරිසක් එතුමාට කැමති නෑ, සමහ‍ර විට එතුමා කියන දේ කෙලින් කියන නිසා වෙන්නත් පුලුවන්. කොහොම උනත් එතුමාගේ මෙම ක‍්රියාවලිය ඉදිරියටම ගෙනියන්න ශක්තිය ලැබේවා!.

  8. ලමයා Says:

    මෙකේ තියෙන්වා නලින් ද සිල්වාගේ ලිපි වගයක්

    http://www.jathika.com

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s