සුද්දෝ බුරති.
May 29, 2009
පෙරේද මුලු ලෝකෙම ඉස්සරහ වෙච්ච නින්දාව ඉවසගන්ඩ අමාරැයි වගේ සුද්දො ටිකට. ඔන්න අද ටයිම්ස් ඔන්ලිනෙ එකෙ බොරැ ලිපි දෙකක් දාල ලොකුවට ලංකාවෙ සමූල ඝාතනයක් ගැන.
(මෙතන මම මුන්ව ලින්ක් කරන්නෙ නැහැ. මේ පාහරයොන්ට එච්චර දෙයක් කරන්ඩවත් වටින්නෙ නැහැ. ගූග්ල් එකෙ කඩ්ඩෙන් “ටයිම්ස් ඔන්ලින්” කියල ගහල ඒක බලන්න) කොටි ටික photoshop කරපු පින්තූර දාල බොරැ ප්‍රවුත්ති හැදුවටත් අන්ත වැඩක් තමා මේක.
මුන්ට අමතක වෙලා ලංකාවෙ සමූල ඝාතන කරේ කව්ද කියල. වෙල්ලස්ස ලේ වලින් තෙත් කරල අපිට මුන් මානව අයිත්වාසිකම් දීපුහැටි ආයිත් මතක් කරල දෙන්න කාලෙ ඇවිත්!
ජෙරමි පේජ් කියන මිනිහ මේ පත්ත්‍රේම ගිය සතිය පුරාවට පිටු දෙකේ විශේෂාංගය ගානෙ ලියල තියනව, ලංකාවෙ හදන බඩුත් ගන්න එපා කියල.
මම නිකමට වගේ මම ගූග්ල් කරල බැලුව, බ්‍රිතාන්‍යයො ලංකාවට ඇවිත් කරපු පාහර වැඩ හොයාගන්ඩ ඇත්තෙම නැති තරම්. මේව අපි ලියන්ඩ ඔනෙ. හේතු ගනාවක් නිසා මේක ඒකට නියම කාලය. කව්ද කැමති එකතු වෙලා මොනව හරි කරන්න? ලියුමක් එවන්න
May 29, 2009 at 3:17 pm
සුද්දෝ විතරක් නෙවෙයි, යනකොට බෝ කරල ගිය “කලු සුද්දනුත්”, ඒ අයගෙන් පැවත එන අයත්, කරන්නෙ බුරන එක ම තම යි. එක බල්ලෙක් උඩු බුරලනකොට අනිත් සේරම “සපෝට් එකට” එකතු වෙනව නේ.
May 29, 2009 at 3:48 pm
දැන් ඉතින් අනගාරික ධර්මපාල තුමා කිව්ව වගේ… නැගිටින්ට තමයි තියෙන්නේ… ජාතියක් විදිහට, එකා වගේ තමන් කලයුතු දේ මොකද්ද කියලා හරියට කලෝතින් සුද්දන්ගේ බිරිල්ල නවතීවි. අනික බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෙත් නැනේ….
May 29, 2009 at 8:18 pm
ඒ සටහන ගැන, ඒවා ව්‍යාජ ඒවා නම් අපි ගණං ගත යුත්තේ නෑ. මන්ද බුදු දහමේත් සදහන් වන්නාක්සේම දවසක ඇත්ත නැත්ත හෙලිවෙවිනේ.
හැකි තරම් ලිපි ලිවිමේදී ක්‍රෝධය පෙන්වීම අඩු කර ලියන්නේ නම් මැනැවි.”බ්‍රිතාන්‍යයො ලංකාවට ඇවිත් කරපු පාහර වැඩ හොයාගන්ඩ ඇත්තෙම නැති තරම්. මේව අපි ලියන්ඩ ඔනෙ. හේතු ගනාවක් නිසා මේක ඒකට නියම කාලය.” මෙවැනි ක්‍රියවක් කරන්නේ නම් මැනැවි, නමුත් කිරිමේදී සිංහල බසින් ලිව්වොත් හෝ බාහිර පුද්ගලයින් (ලංකාවේ ඉතිහාසය ගැන නොදත් හා වෙනත් පුද්ගලයින්ට) එම සටහන ස්වාධීනව ලිව් එකක් බව හා එම සිද්වීම් ගැන වැඩි විස්තර ගත හැකි මුලාශ්‍ර බාහිරව ලබා දෙන්න.
ඔබේ ඇතැම් අදහස් වලට එකඟ නොවන අවස්ථා තිබුණත් ඒවා අමතක කර අදහස් දැක්වීමකුයි කලේ. ඔවුන්ට බැණ බැණ සිටීමේ තේරුමක් නෑ ඔබේ ලේ අපිරිසිදු වීම හැරෙන්න, අදහස් වලට අදහස් වලින්ම ඔවුන්ට පහර දෙන්න. එකක් ලියා එම සඟරාවටත් ලිපියක් ලියන්න.
ඔබට ජය!
May 29, 2009 at 11:50 pm
අදහස් වලටත්. ඊමේල් එවූ අයටත් තුති.
-බිன்ku-,
ඔබ කියන දේට් මම එකඟයි. ආවේගශීලීව ලිව්වත් හිතේ වෛරයක් නැහැ. ඇඟේ ලේ අපිරිසිදු කරගෙන – තරහ ඇතිකරන් – මොනව කලත් අපි පටන් ගන්නකොටම පරාදයි. එවැන්නක් නොවෙන්න, පුද්ගලික ආරක්ෂාවට, අවශ්‍ය දේවල්නම් (සතර සතිපට්ඨානය ආදී ) අපිට අපේ ධර්මයෙන් ලැබිලනෙ තියෙන්නෙ. ඒව පාවිච්චි කරාම ලේ විස වෙන්නෙ නෑ.
මෙතන මහලොකු සටනක් කියල එකක් නැහැ. ප්‍රශ්නයක් විතරයි තියෙන්නෙ. “බ්‍රිතාන්‍යයො ලංකාවට ඇවිත් කරපු, සමූල ඝාතන, හොරකම්, හිමිකම් උල්ලංඝනය කිරීම් ආදිය ගැන, සැබෑ විස්තර ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර් ජාලයේ ලියවුනු තැනක් නැති තරම්” ඔන්න ඔය ප්‍රශ්නෙ මොලේ පාවිච්චි කරල, අපිට විසඳන්න පුලුවන්.
May 30, 2009 at 4:50 am
මගේ සටහනේ නිවැරදි කිරිමක් කිරීමට අවසර:
…නමුත් කිරිමේදී සිංහල බසින් පමණක් ලිව්වොත් ප්‍රමාණවත් මදී. ඒ නිසා හැකි නම් ත්‍රී භාෂිතව ලියන්න බලන්න, නමුත් එය හැකි නම් විදේශිකයන් ආක්‍රමණ කිරීමේ සිට නිදහස දක්වා (හෝ ඊට නොනැවැති) ලියන්න. ලිවිමේදී බාහිර පුද්ගලයින් (ලංකාවේ ඉතිහාසය ගැන නොදත් හා වෙනත් පුද්ගලයින්ට) එම සටහන ස්වාධීනව ලිව් එකක් බව හා එම සිද්වීම් ගැන වැඩි විස්තර ගත හැකි මුලාශ්‍ර බාහිරව ලබා දෙන්න.
*****
. “බ්‍රිතාන්‍යයො ලංකාවට ඇවිත් කරපු, සමූල ඝාතන, හොරකම්, හිමිකම් උල්ලංඝනය කිරීම් ආදිය ගැන, සැබෑ විස්තර ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර් ජාලයේ ලියවුනු තැනක් නැති තරම්”
ඔබ කී දේත් වෙනත් විදේශික බටහිර ආක්‍රමණින් කල ඒවාත් ලියන්න, යමක් කමක් අත්තර්ජාලයට එකතු කරන්න.
(පොදුවේ පෞද්ගලිකවම මම එහි දෙපැත්තම දකින කෙනෙක් බව හා ඇතැම් හානි සඳහා අපිද වග කිව යුතු බව අනෙක් අය වටහා ගනිත්වා.)
May 31, 2009 at 6:29 am
ඇත්ත ලංකාවේ සැබෑ තත්වය ගැන සුද්දෝ විසින් සොයා බලලා නෑ, පාහරයින්ට පාහරයෝ කියන්නේ නැතුව වෙන මොනවා කියන්න ද??
http://exiledonline.com/when-pigs-fly-and-scold-brits-lecturing-sri-lanka/
http://exiledonline.com/sri-lanka-war-nerd-update-prabhy-dies-yellow/
http://exiledonline.com/war-nerd-the-ltte-shoulda-listened-to-yo%e2%80%99-mao-mao/
ඔන්න ඔය ලිපි ලියලා තියෙන්නේ ඇමෙරිකන්කාරයෙක් මනුස්සයා ලංකාව ගැනත් සිංහලයෝ ගැනත් යමක් දන්නවා කියවලා බලන්න