මේ කව්ද? මොනවද කරන්නෙ?
May 28, 2009
ඊයෙ (27) ශ්‍රී ලාංකික අපිට තවත් ජයග්‍රාහී දවසක්! ඒ අපේ කට්ටිය, එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කවුඉන්සිලය හරහා ත්‍රරස්තවාදීන් සහ අධිරාජ්‍යවාදීන් ගෙනෙන්නට ගිය කුමන්ත්‍රනය ලත් තැනම ලොප් කරන්ඩ සමත්වීම නිසයි. මෙතනදි, සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල්, බ්‍රිතාන්‍යයන් සහ ඔවුන්ගේ සහචරයන් පරද්දන්න එක් වුන හැටි අපූරුයි!
ඒත් එක්කම ජාතිද්‍රෝහී සිංහලයෙක්ගෙ නැටුමකුත් කට්ටියට එලිපිටම බලාගන්ඩ පුලුවන් වුනා. අන්තර්ජාලය ඔස්සේ එහි සජීවී විකාශය බලා සිටියානම් ඔබත් දකින ඇති. නමින් ඔහු සුනන්ද දේශප්‍රිය. (ඒ ප්‍රකාශය මෙතනත් තියනව)
SUNANDA DESHAPRIYA, of Franciscans International, in a joint statement with Pax Romana and Dominicans for Justice and Peace, said the fighting between the Sri Lankan armed forces and the Liberation Tigers of Tamil Eelam had led to the death of more than 6,400 civilians, and had left 13,000 wounded and more than 230,000 displaced since January 2009. ..
කවුද මේ සහචර ෆ්‍රැන්සිස්කානුවො? මොනවද මේගොල්ලන්ගෙ අදහස්? ලංකාවෙ මොනවද කරන්නෙ? සිංහලයො ඇයි මේ අයට කඩේ යන්නෙ? ඔබත් සොයා බලන්න. හිතා බලන්න. හුඟක් දේ අන්තර්ජාලය හරහාම සොයාගන්ඩ පුලුවන්.
ඒත් එක්ක ඊයෙ වික්‍රමය ජයගත්, දයාන් ජයතිලක, රජීව විජේසිංහ සහ මහින්ද සමරසිංහ මහත්වරු ඇතුලු ඒ පිටිපස සිටි හැමට ස්තූතියි! අප හා සිටි සියලු රටවල රාජ්‍ය තාන්ත්‍රික නායකයන්ට ස්තූතියි!
update :
ජිනීවාහි සිංහ හඬ
බටහිටයන්ට එරෙහිව දයාන් ජයතිලක මහතා කල කතාව.
සුනන්ද දේශප්‍රිය ගේ අදේශප්‍රිය කතාව.
උපුටා ගැනීම Voice of Lanka, YouTube චැනලය.
විවාදයේ සියළු නිල දර්ශන මෙතනින් නරඹන්න.
May 28, 2009 at 4:33 am
සුනන්ද දේශප්‍රිය කියන්නෙ අමු කාලකණ්නියෙක්. (මා ලඟ මීට වඩා හොඳ වචන තිබුණත් මෙතන ඒවා ලියන්න බෑ)
ඕකා ඔය ඔක්කොම කරන්නෙ ඌට ලැබෙන සල්ලි කුට්ටිය නිසා. ඕකගෙ සල්ලිවලට තියෙන පෙරේතකම පේනවා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු විදියට හිටපු කාලෙ මූල්‍ය වංචා චෝදනා එල්ල වීමෙනුත්.සල්ලි වලට රට පාවා දීපු මිනිස්සු එදත් හිටියා. ලංකාවෙ විතරක් නෙමේ, හැම රටකම. ඉතිං අදත් ඉන්න එක පුදුමයක්යැ.
අනික හමුදාව අතින් සාමාන්‍ය මිනිස්සු මැරුණා කියල කෑ ගහන ඕකට 71දී තමුන්ගෙ අතින් මැරිච්ච සාමාන්‍ය මිනිස්සු ගාණ මතකද දන්නෑ.. ඕකවත් විජේවීර යවපු පාරෙම ඇරියනං කිසි කරදරයක් නෑ.
May 28, 2009 at 5:00 am
සුනන්ද දේශප්‍රිය කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් කඩේ යාමට හේතුව කුමක්දැයි ඉතාම කෙටි කලකින් සාක්ෂි සහිතව ඔප්පු වේවි. ඉන් පසුව නැවතත් ඔහුට ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි වනවාට කිසිදු සැකයක් නැහැ. කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදල් ලබාගෙන ජනමාධ්‍යවේදී ලේබලයට මුවා වී දකුණේ බෙදුම්වාදී මතවාද පෝෂණය කිරීමේ කාර්යයේ මොහු නියැලී සිටි බවට සාක්ෂි දැනටමත් ඇති බවයි පැවසෙන්නේ. කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය වී ඇති මේ මොහොතේදීත් තවමත් මොහු කොටින් වෙනුවෙන් හඬ නැගීමෙන් පැහැදිලි වන්නේ කුමක් ද? කොටින්ගෙන් තවමත් කුමන ආකාරයකින් හෝ මුදල් ලැබෙන බව හෝ අනාගතයට ගැලපෙන පරිදි දැනටමත් මුදල් ලබාගෙන ඇති බව නොවේ ද? මෙවන් දේශද්‍රෝහීන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වීම සිදු විය යුතුම බව අප අවධාරණය කරමු.
May 28, 2009 at 8:39 am
BF ekath innawa
May 28, 2009 at 5:12 pm
මේ වසලයා ගැන නොදන්න එකෙක් ඉන්නව නම් ඉතිං පුදුමයක්. මෙවුන් උපන් බිමටත්, මවටත් නිගා කරන්නේ පිටරට වල ඉන්දලා ගලා ගෙන එන ඩොලර් මිටියට ලොල් බවින්. මෙවුන්ට සල්ලි දෙනවා කිව්වොත් තමන්ගේ අම්මා උනත් විකුනං කයි. අනික් එකා තමයි වික‍්රම භාහු කරුණා රත්නයා තුහ් නොදකින්.
වැඩි විස්තර මෙතන තියෙනවා
http://landlikenoother.blogspot.com/2008/12/sunanda-deshapriya-exposed.html
May 29, 2009 at 2:20 am
ඇත්ත කතාව, මේ වගේ කීපදෙනෙක් ගැන දැන් රට හොඳට දන්නව. නමුත් මට හිතෙන්නෙ මේ සුනන්ඳල පිටිපස්සෙ තියන බලවේග ගැන එලිදරව් වෙනව මදි වගේ මට හිතෙන්නෙ. ඒකයි මේ සටහන ලිව්වෙ.